Posted by : Priyanka prabashwara Friday 20 May 2016

හලෝ,පිලිගන්නවා.අද ලියන්න යන ලිපිය cod 4 ගහන අයටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.ගොඩක් අය කැමති වෙන්නේ call of duty 4 game එක multiplayer ඒ  කියන්නේ online ගහන්න.උදේ පටන් ගත්තොත් ඉවර වෙන්නේ රෑට.ඒ තරමටම ගොඩක් සාර්ථක game එකක් තමයි Call Of Duty කියන්නේ.එත් එකට අවාසනාව මුල් වෙනවා.මේකේ අවාසනාව කිව්වේ game එක ගහන ගමන් Data ඉවරවෙන එක.ඒ කාලේ තිබ්බා දවසට 100MB free දෙන site එකක්.දැන් කොහොමද දන්නේ නැ,හොයල බලලා ඒක ගැනත් ලිපියක් දැන්නම්.හරි අපි මාතෘකාවට එමු.කොහොමද cod 4 එකටonline වගේම play කරන්න පුලුවන් bot ලා හිටියොත්.එහෙම කරන්න පුලුවන්.Normal mod හා promod දෙකටම Bot ලව ඇති තරමක්  Active කරගන්න පුලුවන් ඔයාගේ Pc එක අනුව.Pc එක අනුව කියල කිව්වේ ඔයාගේ Pc එක Dual-core වගේනම් ආසන්නව Bot 6ක් active කරගන්න පුලුවන්.ඉටවඩා කරන්න ගියොත් වෙන්නේ PC එකම lag ( Slow ) වෙන එක.bot 6ක් කිව්වේ ඔයත් ඒක්ක 6යි කියන එක.ඒ කියන්නේ අපි Active  කරගන්න ඕනේ 5ක්.Active කරගන්න අමාරු නැහැ.එකටත් පොඩි පියවරවල්  ටිකක් තියනවා.මේකට අපි Download කරගන්න ඕනේ Mod Fils 2ක් .හරි,Download කරගන්න යටින් ලින්ක් ටික දීලා තියනවා.Cloud තුනකට upload කරලා තියෙන්නේ ඔයාලගේම හොදට.මෙතන file 2ක් තියෙන්නේ Normal mod එකට එක Mod file එකක් හා Promod වලට එක Mod File එකක් ලෙස. යටින් බලාගන්න පුලුවන් එකම game එකේ mod දෙකේ වෙනස.

Normal Mod
        
Promod

Both

Normal mod හා Promod සංසන්දනය කළහොත් ඔබටම පෙනෙනවා Normal Mod වැඩි දුරට සoස්කරණය කර තමා Promod Mod සාදා තිබෙන්නේ.මන්ද,Normal Mod හි ඇති ආයුඩ සෙලවීම,දුර පෙනීම,දුවන විට දෙපසට සෙලවීම්  සියල්ලම වගේ සoස්කරණය වී තමා Promod යන සංකල්පය සැදී තිබෙන්නේ.වර්තමානයේ නම් Zombi  Mod පවා නිර්මාණය කර ඇති අතර යුද වදිනා සොල්දාදුවන් පවා Zombi ලෙස වෙනස් වේ.Mod නිර්මාණය පිළිබද ලිපියක් ඉදිරියේදී ලබාදෙන්නම්.
   හරි , වැඩේට බහිමු.දැන් ඔයාල Download කරගත්ත Winrar File එක Extract කරගන්න.( password= http://oslateam.blogspot.com/ ) ඊටපස්සේ Extract කරලා ගත්ත File දෙක ( Without Read me )  ඔයාගේ Call of Duty 4 game එක install කරලා තියන path (තැනට)  ගහින් Mod කියන file එක හොයල එකට Folder එක පිටින්ම දාන්න.දැන් මුලික වැඩ ටික හරි.ඊළගට තියෙන්නේ Bot Active කරගන්න විතරයි.
Bot Active කරගන්න ක්‍රමය mod දෙකටම එකම ක්‍රමයකි.  game එක open කරලා Console එක open කරගන්න.console එක Active කරලා නැත්නම්
Option -> Game Option -> enable Console  කරලා console එක හදාගන්න.මුලින්ම තියෙන්නේ Mod එක lunch කරන්න.ඔයා mod වලට දාපු මොඩ් එක හොයලා Double click කරලා lunch කරගන්න.ඊටපස්සේ තියෙන්නේ console එකේ map එක type කරන්න.console එක open කරගන්න ESC button එකට යට තියන button එක ඔබන්න.
මෙම key එක එබිමෙන් ලැබෙනා කොළ පැහැති තීරුව console එක වේ.පහත ඇති රුපයෙන් console එක පෙන්වා ඇත.මෙම console එක භාවිතා කර game එකේ ඉතා අත්‍යවශ්‍ය කාර්යන් ඉතා පහසුවෙන් කල හැක.මෙමගින් game type ,game name,game password වෙනස් කිරීම් ඇතුළුව කාර්යන් විශාල ප්‍රමානයක් කලහැක.උදාහරණයක් ලෙස , ඔබ විසින් නිර්මානය කෙරු server එකෙහි game type එක TDM (Team Death Match) ලෙස වෙනස් කිරීමට අවශ්‍යනම් ඔබට කිරීමට ඇත්තේ g_gametype Tdm ලෙස console හි type කිරීම පමණි.Console command ඉතා විශාල ප්‍රමාණයක් පවති.එමගින් server එකක් hack කිරීම් පවා සිදු කල හැක.එතරම් ඕනේ නැහැ.දැන් අපි කරන්න යන්නේ Bot ලව Active කරන්න එකට Console එකේ

/Devmap mp_Backlot ලෙස type කර Enter කිරීමෙන් map එක Load වේ.Backlot පමණක් නොව ඔබට ඕනෑම map එකක් දමාගත හැක.අවශ්‍ය වන්නේ backlot ඇති තැනට අවශ්‍ය map එක යෙදීම පමණි.අවසාන කොටස ලෙස ඇත්තේ Bot Active කිරීම පමණි.ඒ සදහා map load වීමෙන් අනතුරුව.Console එක නැවත open කර /svr_Pezbots 5
යන command එක යෙදීම පමණි.කලින් සදහන් කල ආකාරයට ඔබගේ පරිගණකය අනුව Bot ගණන තීරණය වේ.ඔබගේ කැමැත්ත අනුව bot 10 පමණ Active කිරීමට සිතුනොත් අවශ්‍ය වන්නේ command එකේ ඇති පරිදි 5 ඉවත් කර 10 දැමීම පමණි.ඉවරයි.ආයේ හොද ලිපියකින් හමුවෙමු.

Download Pezbots -
Download Pezbots -
Download Pezbots -




පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -