Posted by : Priyanka prabashwara Tuesday 24 May 2016

අද ලියන්න යන ලිපිය නම් icloud lock වලින් පීඩා ලබන ගොඩක් අයට පොඩි සහනයක් වෙයි.අපි කතා කරමු icloud lock ගැන.මොකක්ද මේ icloud lock එකක් කියන්නේ? icloud lock එකක් කියන්නේ apple සමගම විසින් ඉදරිපත් කර තිබු එක් අතකට ඉතා වටිනා සහ අනෙක් අතට පීඩාවකට ලක්වන අරක්ෂණයකි. මෙහි ඇති විශේෂත්වය නම් ඔබගේ apple දුරකථනය හොරකම් කිරීමක් සහා නැතිවීමක් සිදුවොවහොත් Find my phone  ලබාදීමෙන් ඔබගේ නැතිවු සහ සොරකම් කරන ලද දුරකතනය සොයාගැනීමට හැකි අතර ඔබගේ දුරකථනය නැතිව් බව සදහන් කර ඔබගේ දුරකථන අංකයක් පවා ඔබගේ නැතිවූ දුරකතනයේ  පල කල හැක. ඒ ලෙසම අනෙක් අතට icloud lock එකෙහි බලපෑම නිසා කිසිසේත් එය අයින් කිරීමට නොහැකිවීමෙන් apple ජංගම දුරකථන කුනුකොල්ලෙට පවා විකිනෙයි.යම් හෙයකින් මෙම lock එක ඉවත් කිරීමට හැකිවුවහොත් පළමු අයිතිකරුගේ (1st  owner ) දුරකතනයේ තිබු icloud Details නැති ව් යන අතර ඔහුට ඉන්පසු ඔහුගේ දුරකතනයේ කිසිවක් නොකල හැකිය.Androit දුරකතනයක් Reset කිරීමෙන් එහි ඇති lock ඉවත් කල හැකි අතර එය ඉතාම පහසු වෙ.එනමුදු apple දුරකතනයක ඒවැන්නක් කල නොහැකි අතර ඒ සදහාද lock එක මගහැර Menu  තුලට පිවිසිය යුතුය. දැනට සොයාගෙන ඇති පරිදි icloud lock ඉවත්කිරීමේ ක්‍රම දෙකක් ඇත.එයින් පළමු වැන්න මදක් සංකීර්ණ  වේ.Java programming යොදාගෙන සාදන මෘදුකාංග මගින්  ios එකට පිවිසි lock එකට අදාල setup file එක ඉවත් කිරීමන් lock එක ඉවත්කළ හැක.මේ සදහා ssh_rd_rev04b යන Java programming එක යොදාගනී.ඒ සදහා පසුව video සමග ලිපියක් බලාපොරොත්තු වන්න.දෙවැන්න ලෙස අද ලිපියේ  මාතෘකාව වන DNS Bypass යොදාගත හැක. Domain Name System හෙවත් DNS යනු ඕනෑම Domain නාමයකට අයත් ip address එක වේ.මෙය කුඩාම අර්ථකථනය වෙ.lock වූ apple දුරකතනයක් මගින් වෙබ් අඩවියකට සම්බන්ද සංකල්පයක් ගැන කතා කිරීමෙන් පලක් නොමැති බව ඔබට සිතෙන්නට ඇත.කෙසේ හෝ වෙබ් අඩවියකට රිංගීම මගින් ඔබගේ දුරකතනයේ Camara,Flash light,local internet පන ගැනිවිය හැකි බව ඔබ දැන සිටියද. Internet සපුරාලීම මගින් mail+Social+Youtube වැනි සේවාවන්ද පනගන්විය හැකිය. මේ සදහා ඇති ක්‍රමය DNS පමණි.වෙබ් අඩවියක නම ඇතුලත් කිරීමට අමතරව ඒ වෙබ් අඩවිය සදහා ඇති ip කේතය ඇතුලත් කිරීමෙන්ද එම වෙබ් අඩවියට ඇතුලත් වීම කල හැක.මේ සදහා විශේෂ server පවතී.මේ බව තේරුම් ගත් ui.iclouddnsbypass.com වෙබ් අඩවිය කලින් පැවසුව ලෙස Camara,Flash light,local internet යන අංග ක්‍රියාත්මක කිරීම සදහා.එම වෙබ් අඩවිය නිර්මාණය කල අතර මිලියන 3 පමණ සේවාදායකයින් එහි සිටියි.මෙම වෙබ් අඩවිය නිර්මාණයට C++ යොදාගෙන ඇති අතර කොපමණ සේවාදායකයින් වෙබ් අඩවිය සදහා පැමිණියත් වෙබ් අඩවියට කිසිදු හානියක් නොවේ.ඔබට මෙම සේවාව ගැන පැහැදීමක් ඇතිනම් එහි නිර්මාණ කරුවන්ට Donate කිරීමද කල හැක.ඊළගට පැමිණෙන ප්‍රශ්නය නම් ,අනාරක්ෂිත ලෙස apple lock එක මගහැර මෙවන් වෙබ් අඩවියකට join වීමෙන් මුල් අයිතිකරු ගේ විස්තර අනිසි ලෙස එලියට පැමිණීමක් සිදුවිය හෝ අන්තර්ජාලය මගින් apple lock එකට යම් බලපෑමක් කිරීමට හැකිද යන්නයි.කිසිසේත් නැත.මේ සිදුවන සියල්ල දිහා apple සමගම අවදානයෙන් බලාසිටි.මෙ DNS method එක කිසිදු හානියක් නොමැත.මුල් අයිතිකරුගේ apple id කිසිදු දෙයක් වෙනස් වන්නේ නැත.එය වෙනස් නොවීමෙන් මුල් අයිතිකරුට ඔහුගේ නැතිවූ දුරකථනය හා ඔහුගේ පවුත්ගලික සියල්ල අරක්ෂාකාරිව ලබාගත හැකිය.එය අරක්ෂාකාරිව ලබාදීමට පෙර ඔබට අවශ්‍ය නම් බාවිතා කිරීමට හැකි වීමයි.මේ සියල්ල තවත් අරක්ෂාකාරිව සිදුවීමට වෙබ් server එකට පිවිසීමට ප්‍රථම apple සමාගමෙහි captive.apple.com වෙබ් එකට පිවිස ආරක්ෂාකාරී සම්බන්දවිමක් නම් එමගින් කලින් සදහන් කල වෙබ් අඩවියට පිවිසීම සිදුකරයි.මෙමගින් ඔබට සිතෙනවා ඇති ඒ ඒ කාර්යට අදාල වෙබ් අඩවි නිර්මාණය කර ඇති බව.උදාහරණයක් ලෙස time.windows.com  ගත හැකිය.ඔබ සිතුවාද ඔබ අන්තර්ජාලයට සම්බන්ද වීමෙන් අනතුරුව  ඔබගේ පරිගණකය time.windows.com server එකට සම්බන්ද වී ඔබගේ පරිගණකයේ වෙලාවේ ඇති වැරදි,වෙනස්කම් සකසන බව.එලෙසම මෙ සියල්ල එකට බැදී පවතින බව ඔබට වැටහෙනවා ඇති.පැහැදිලි කිරීම පැහැදිලි.ඉන්පසු මෙම DNS Server වලට සම්බන්ද වීම කෙසේදැයි බලමු.මෙ සදහා ඔබට ඔබගේ Apple ජංගම දුරකතනයට අමතරව Portable WiFi Hospot එකක් හෝ WiFi connection එකක් අවශ්‍ය වනවා.මේ සදහා ඔබගේ Androit දුරකතනයේ මගින් සාදන ඕනෑම WiFi connection එකක් යොදාගත හැකියි.තව දෙයක් දුරකථනය ඉන්ටෙර්නෙට් එකට සම්බන්ද උනාට data හුවමාරු වෙන්නේ Access Point එක හරහාය.එනම් data කැපෙන්නේ Router එක හෝ ඔබ සෑදු Protable Hospot එක හරහාය.හරි, පටන් ගමු.පහල රූපවල ඇති පරිදි සියල්ල අනුගමනය කරන්න.




1.පළමුව ඔබගේ අවශ්‍ය විස්තර ලබාදෙන්න.




2.ඔබගේ  WiFi network එකට ප්‍රථමව connect වෙන්න.


3. network එකට connect වු පසු ඊලග පිටුවට යෑමට
    පෙර රුපයේ ඇති ආකාරයට Back එක ඔබන්න    


4.More Wi-Fi settings ලබාගැනීම සදහා ඔබගේ apple දුරකතනයේ home button එක ඔබා රුපයේ ආකාරයට
More Wi-Fi settings click කරන්න



5.More Wi-Fi settings click කිරීමෙන් අනතුරුව මෙම රුපයේ දැක්වෙන ආකාරයට More logo එකක් ලැබේ.එය click
කරන්න.








7.ඉන්පසු Forget this Network ලබාදී connection එකෙන් අයින් වෙන්න.







6.ඉන්පසු රුපයේ දැක්වෙන ආකාරයට DNS shell එක click කර වෙනත් DNS ip එකක් තිබේනම් එය ඉවත් කර මෙම DNS ip එක එතැනට දාන්න.
DNS -104.155.220.58

      

8.ඉන්පසු back ඔබා නැවත WiFi එකට connect වෙන්න.











 9.connect වීමෙන් අනතුරුව ඉක්මනින් ඊලග පිටුවට යන අතර ඊලග පිටුවට යාමට    පෙර Back ඔබන්න




 




10.ඉන්පසු මේ ආකාරයට server එකට connect වෙ.රුපයේ පරිදි server එකට connect වූ පසු ඔබට Cancel ලෙස දිස්වෙනම් නැවත වරක් මුල සිට පටන් ගන්න.ඉන්පසු කලින් Cancel දිස්වූ තැනෙහි Done ලෙස දිස්වෙනම් Server එක ඔබට හරි ආකාරව වැඩකරයි.








ඔබ රුපයේ ඇති පරිදි මෙලෙස Auto join හා Auto login active කර තිබේනම් WiFi connection එකකට On වූ වහාම server එකද On වේ.









හරි,වැඩ ටික හරි.දැන් බලමු server එකට ගහින් කරන්න පුලුවන් වැඩ.තවත් වටිනා පොස්ට් එකකින් ආයේ හම්බවෙමු.



















පිටරටකින් ගෙන්වාගත් හෝ තෑග්ගක් ලෙස ඔබට iphone එකක් ලැබුනේ නම්,ඔබ එහි Icloud id / Password නොදන්නේ නම් .මෙම server එකෙහි මුල් අයිතිකරුගේ icloud id / Password ලබාගත හැකි මෘදුකාංගමය සේවාවක් පවතී.ඒ සදහා පසුව ලිපියක් බලාපොරොත්තුවන්න. 

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -