Posted by : Priyanka prabashwara Friday 27 May 2016

පිලිගන්නවා,පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකියයුතු කරුණු ගොඩක් තියනවා.Ram + Hard disk capacity + Processer  වගේ ඒවා.ඔය වගේ ඒවා වලින් අපිට Computer එකක් ගැන බාහිරින් කියන්න පුලුවන්.එත් ඔබ දන්නවාද බාහිරින් පෙනෙන සමහර දේවල් ඇත්තටම එහෙම නැහැ.හදිසි අවස්ථාවකදී පරිගණකය ක්‍රියා විරහිත විමක,හදිසි අවස්ථාවකදී විදුලිය විසන්දි වීමකදී,අනාරක්ෂිත ලෙස පරිගණකයක් විදුලියට සම්බන්ද කිරීමකදී,විදුලිය නැවත පැමිණීමේදී ඔබගේ පරිගණකයේ අන්තර්ගත දෘඩාංග ( Hardware ) වලට යම්කිසි හානියක් විය හැකි බව. ඔව් එහෙම වෙන්න පුලුවන්.අපි ගාවට ඒවගේ computers ඇවිල්ල තියනවා.ගොඩක්ම මෙ මන් කියන දේට ගොදුරු වෙන්නේ Pentium 4 ,G 31,G 41 වගේ computers තමා.කෝකටත් කලින් සුදානම් වෙන එක හොදයි.ඔබ ඔබගේ පරිගණකයේ යම්කිසි කාර්යක් කරමින් සිටින විට හදිසියේ විදුලිය විසන්දි වීමක් සිදුවී නැවත පැමිණීමේදී ඔබ Save නොකළ Word File එකක් හෝ වෙනයම් කාර්යක් Save නොකළ හේතුවෙන් නැවත මුල සිට සිදුකිරීමට සිදු වෙනවා.ඔබ දන්නවා අප පරිගණකයේ සිදුකරන සෑම දෙයක්ම ප්‍රථමව දාවනය වන්නේ Ram (Random Access Memory) වන බව.ඔබ දන්නවා අප පරිගණකයේ සිදුකරන සෑම දෙයක්ම ප්‍රථමව දාවනය වන්නේ Ram (Random Access Memory) වල වන බව.Software එකක් install කරනකොට පවා එය Hard Disk එකකට Copy වීමට පෙර මුලික වශයෙන් දාවනය වන්නේ Ram තුලය.මොහොතක්  සිතන්න,ඔබ Graphic මට්ටමෙන් ඉතා ඉහල පරිගණක ක්‍රීඩාවක් ඔබගේ පරිගණකයේ play කරන විට හදිසියේ විදුලිය විසන්දි වුවහොත් Ram එකෙහි තිබු අර Game එකත් විදුලියත් එක්කම නැති වෙලා යනවා.ඔබ play කරමින් සිටි High Graphic game එක හදිසියේ විදුලිය විසන්දි වීමත් සමග නැති වී යනවිට ඒ තරම් විශාල programme එකක් ධාවනය කල Ram එකට කුමක් සිදුවේද ? . ඔව්,එහෙම උනාම Ram එකේ තියන Golden Pin ක්‍රියානොකිරීම හේතුවෙන් Blue Screen Error පැමිණෙනවා.(Blue Screen Error පිළිබද යම් පැහැදිලි කිරීමක් අපගේ Facebook පිටුවෙහි පලකල ඇත.එම නිසා) එම නිසා ඔබගේ පරිගණකයේ Ram එකෙහි ක්‍රියාශීලිත්වය අඩුවීමත් සමගම ඔබගේ පරිගණකයේ ද ක්‍රියාශීලිත්වය අඩු වෙනවා.හරි,අප නැවත මාතෘකාවට පැමිණියහොත් කලින් සදහන් කල ආකාරයට පරිගණකයක් බාහිරින් තක්සේරු කිරීම එතරම් නුවණැති නොවන බව වැටහෙන්නට ඇති.මේ සදහා හදුන්වාදුන් Ratings ක්‍රමය මගින් කලින් සදහන් කල සියල්ලම පරික්ෂාකොට ඒ සදහා අංකයක් ලබා දී සාදාරන තක්සේරුවකට එලබිය හැකිය.උඩම පින්තුරයට අනුව මගේ පරිගනකයෙ Rating එක  3.8 වෙ.එනම් මගේ පරිගණකයේ සියලු දෘඩාංග Rate කර අඩුම Rate එකට අදාල දෘඩාංගය මුලික කර එහි Rate අංකය ඉදිරියට දැමීමකි.එනම්,අඩුම Rating එක ඉදිරියට දැමීමකි.

Windows 7 වල උපරිම Ratings 7.9 වන අතර Windows 8 වලින් පසුව එය 9.9  දක්වා ඉහල ගොස් ඇත .මෙයට හේතුවක් ලෙස අලුතින් පැමිණෙන නවතම දෘඩාංග විය හැක.ඔබගේ පරිගණකයට නවතම දෘඩාංගයක් එක් කරේනම් නැවත Rate කරනතුරු පරණ දෘඩාංග වලට අදාල Ratings පෙන්වයි.
My Computer -> R-click -> Properties යාමෙන් ප්‍රථම කවුළුව ලබාගත හැකි අතර එහි Windows Experience Index - click කිරීම මගින් දෙවෙනි පින්තුරයට අදාල කවුළුව ලබාගත හැක.කලින් සදහන් කල පරිදි මගේ පරිගණකයේ අඩුම Rating එකට අදාල දෘඩාංගය වන්නේ Processer එක වේ.මගේ පරිගණකයෙහි Processer එක වන්නේ Dual - Core 2.60Ghz වෙ.එම processer එකට අදාල සාමාන්‍ය Ratings වන්නේ 3.8 - 4.0 තමා.එහෙත් මගේ Ratings එකතුවේ Disk Data Transfer Rate එක වන්නේ 4.2 වෙ.සාමාන්යෙන් Sata ඕනෑම Hard Disk එකක Rate එක 5.0 උඩ අගයක් තමා එන්නේ.එත් මගේ 4.2  මේකට හේතුව තමා මගේ Hard Disk එක එක සැරයක් බිමට වැටිලා තියනවා.ඒවගේම පරණ computre එකක්Use කරපු කෙනෙක්ටත් දුන්න පාවිච්චි කරන්න.ඔය ඔක්කොම හේතු මෙ Rating එකට බලපාන්න ඇති.ඔයාල හිතනවා ඇති Ratings අඩු උනාට games Software හොදට වැඩකරව ගන්න පුලුවන් කියල.නැහැ එහෙම නැහැ.Computer එක Processer එකේ Proformance බලන්නේ Computer එක අන්තිම කට්ටට Slow කරලා.අන්න ඒවගේ තමා Hard  වලත්  ක්‍රියාශීලිත්වය බලන්නේ.එතැනදී Fail වෙන Hard එකක් කොහොමද Games වලට හොද වෙන්නේ.මුලින් සදහන් කල ආකාරයට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී දෙකෙහිම Ratings බලපානවා.එත් Ratings බලලා Computer එකක් ගන්නේ සීයකින්  එක්කෙනෙක් වගේ තමා.මෙම ලිපියේ දී ඔබට වැටහෙනවා ඇති කටින් කට යන බාහිර ලක්ෂණ පදනම් කරගනිමින් පරිගණකයක් තෝරාගැනීම පසුතැවීමට හේතුවක් බව.අප Ratings මත පදනම් වූ වෙලදපලක් නිර්මාණය කල යුතුයි.පරිගණකයේ රූපයකට වඩා යමක් Ratings Sheet එකකින් බලාගත හැකිය. එහි View and print details මත click කිරීමෙන් පහත ඇති අන්දමට සියලු විස්තර රැගත් Ratings Sheet එකක් ලබාගත හැක.එපමණක් නොව එය මුද්‍රනය පවා කල හැක.
 

මෙවැනි වටිනා ප්‍රොයෝජනවත් ලිපියකින් නැවත හම්බවෙමු.
  

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -