Computer Ratings (ඔබගේ පරිගණකය Rate කිරීම)

පිලිගන්නවා,පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකියයුතු කරුණු ගොඩක් තියනවා.Ram + Hard disk capacity + Processer  වගේ ඒවා.ඔය වගේ ඒවා වලින් අපිට Computer එකක් ගැන බාහිරින් කියන්න පුලුවන්.එත් ඔබ දන්නවාද බාහිරින් පෙනෙන සමහර දේවල් ඇත්තටම එහෙම නැහැ.හදිසි අවස්ථාවකදී පරිගණකය ක්‍රියා විරහිත විමක,හදිසි අවස්ථාවකදී විදුලිය විසන්දි වීමකදී,අනාරක්ෂිත ලෙස පරිගණකයක් විදුලියට සම්බන්ද කිරීමකදී,විදුලිය නැවත පැමිණීමේදී ඔබගේ පරිගණකයේ අන්තර්ගත දෘඩාංග ( Hardware ) වලට යම්කිසි හානියක් විය හැකි බව. ඔව් එහෙම වෙන්න පුලුවන්.අපි ගාවට ඒවගේ computers ඇවිල්ල තියනවා.ගොඩක්ම මෙ මන් කියන දේට ගොදුරු වෙන්නේ Pentium 4 ,G 31,G 41 වගේ computers තමා.කෝකටත් කලින් සුදානම් වෙන එක හොදයි.ඔබ ඔබගේ පරිගණකයේ යම්කිසි කාර්යක් කරමින් සිටින විට හදිසියේ විදුලිය විසන්දි වීමක් සිදුවී නැවත පැමිණීමේදී ඔබ Save නොකළ Word File එකක් හෝ වෙනයම් කාර්යක් Save නොකළ හේතුවෙන් නැවත මුල සිට සිදුකිරීමට සිදු වෙනවා.ඔබ දන්නවා අප පරිගණකයේ සිදුකරන සෑම දෙයක්ම ප්‍රථමව දාවනය වන්නේ Ram (Random Access Memory) වන බව.ඔබ දන්නවා අප පරිගණකයේ සිදුකරන සෑම දෙයක්ම ප්‍රථමව දාවනය වන්නේ Ram (Random Access Memory) වල වන බව.Software එකක් install කරනකොට පවා එය Hard Disk එකකට Copy වීමට පෙර මුලික වශයෙන් දාවනය වන්නේ Ram තුලය.මොහොතක්  සිතන්න,ඔබ Graphic මට්ටමෙන් ඉතා ඉහල පරිගණක ක්‍රීඩාවක් ඔබගේ පරිගණකයේ play කරන විට හදිසියේ විදුලිය විසන්දි වුවහොත් Ram එකෙහි තිබු අර Game එකත් විදුලියත් එක්කම නැති වෙලා යනවා.ඔබ play කරමින් සිටි High Graphic game එක හදිසියේ විදුලිය විසන්දි වීමත් සමග නැති වී යනවිට ඒ තරම් විශාල programme එකක් ධාවනය කල Ram එකට කුමක් සිදුවේද ? . ඔව්,එහෙම උනාම Ram එකේ තියන Golden Pin ක්‍රියානොකිරීම හේතුවෙන් Blue Screen Error පැමිණෙනවා.(Blue Screen Error පිළිබද යම් පැහැදිලි කිරීමක් අපගේ Facebook පිටුවෙහි පලකල ඇත.එම නිසා) එම නිසා ඔබගේ පරිගණකයේ Ram එකෙහි ක්‍රියාශීලිත්වය අඩුවීමත් සමගම ඔබගේ පරිගණකයේ ද ක්‍රියාශීලිත්වය අඩු වෙනවා.හරි,අප නැවත මාතෘකාවට පැමිණියහොත් කලින් සදහන් කල ආකාරයට පරිගණකයක් බාහිරින් තක්සේරු කිරීම එතරම් නුවණැති නොවන බව වැටහෙන්නට ඇති.මේ සදහා හදුන්වාදුන් Ratings ක්‍රමය මගින් කලින් සදහන් කල සියල්ලම පරික්ෂාකොට ඒ සදහා අංකයක් ලබා දී සාදාරන තක්සේරුවකට එලබිය හැකිය.උඩම පින්තුරයට අනුව මගේ පරිගනකයෙ Rating එක  3.8 වෙ.එනම් මගේ පරිගණකයේ සියලු දෘඩාංග Rate කර අඩුම Rate එකට අදාල දෘඩාංගය මුලික කර එහි Rate අංකය ඉදිරියට දැමීමකි.එනම්,අඩුම Rating එක ඉදිරියට දැමීමකි.

Windows 7 වල උපරිම Ratings 7.9 වන අතර Windows 8 වලින් පසුව එය 9.9  දක්වා ඉහල ගොස් ඇත .මෙයට හේතුවක් ලෙස අලුතින් පැමිණෙන නවතම දෘඩාංග විය හැක.ඔබගේ පරිගණකයට නවතම දෘඩාංගයක් එක් කරේනම් නැවත Rate කරනතුරු පරණ දෘඩාංග වලට අදාල Ratings පෙන්වයි.
My Computer -> R-click -> Properties යාමෙන් ප්‍රථම කවුළුව ලබාගත හැකි අතර එහි Windows Experience Index - click කිරීම මගින් දෙවෙනි පින්තුරයට අදාල කවුළුව ලබාගත හැක.කලින් සදහන් කල පරිදි මගේ පරිගණකයේ අඩුම Rating එකට අදාල දෘඩාංගය වන්නේ Processer එක වේ.මගේ පරිගණකයෙහි Processer එක වන්නේ Dual - Core 2.60Ghz වෙ.එම processer එකට අදාල සාමාන්‍ය Ratings වන්නේ 3.8 - 4.0 තමා.එහෙත් මගේ Ratings එකතුවේ Disk Data Transfer Rate එක වන්නේ 4.2 වෙ.සාමාන්යෙන් Sata ඕනෑම Hard Disk එකක Rate එක 5.0 උඩ අගයක් තමා එන්නේ.එත් මගේ 4.2  මේකට හේතුව තමා මගේ Hard Disk එක එක සැරයක් බිමට වැටිලා තියනවා.ඒවගේම පරණ computre එකක්Use කරපු කෙනෙක්ටත් දුන්න පාවිච්චි කරන්න.ඔය ඔක්කොම හේතු මෙ Rating එකට බලපාන්න ඇති.ඔයාල හිතනවා ඇති Ratings අඩු උනාට games Software හොදට වැඩකරව ගන්න පුලුවන් කියල.නැහැ එහෙම නැහැ.Computer එක Processer එකේ Proformance බලන්නේ Computer එක අන්තිම කට්ටට Slow කරලා.අන්න ඒවගේ තමා Hard  වලත්  ක්‍රියාශීලිත්වය බලන්නේ.එතැනදී Fail වෙන Hard එකක් කොහොමද Games වලට හොද වෙන්නේ.මුලින් සදහන් කල ආකාරයට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී දෙකෙහිම Ratings බලපානවා.එත් Ratings බලලා Computer එකක් ගන්නේ සීයකින්  එක්කෙනෙක් වගේ තමා.මෙම ලිපියේ දී ඔබට වැටහෙනවා ඇති කටින් කට යන බාහිර ලක්ෂණ පදනම් කරගනිමින් පරිගණකයක් තෝරාගැනීම පසුතැවීමට හේතුවක් බව.අප Ratings මත පදනම් වූ වෙලදපලක් නිර්මාණය කල යුතුයි.පරිගණකයේ රූපයකට වඩා යමක් Ratings Sheet එකකින් බලාගත හැකිය. එහි View and print details මත click කිරීමෙන් පහත ඇති අන්දමට සියලු විස්තර රැගත් Ratings Sheet එකක් ලබාගත හැක.එපමණක් නොව එය මුද්‍රනය පවා කල හැක.
 

මෙවැනි වටිනා ප්‍රොයෝජනවත් ලිපියකින් නැවත හම්බවෙමු.
  
Friday 27 May 2016
Posted by Priyanka prabashwara

ICloud DNS bypass (DNS මගින් icloud lock මගහැර යාම) -ALL DEVICE-

අද ලියන්න යන ලිපිය නම් icloud lock වලින් පීඩා ලබන ගොඩක් අයට පොඩි සහනයක් වෙයි.අපි කතා කරමු icloud lock ගැන.මොකක්ද මේ icloud lock එකක් කියන්නේ? icloud lock එකක් කියන්නේ apple සමගම විසින් ඉදරිපත් කර තිබු එක් අතකට ඉතා වටිනා සහ අනෙක් අතට පීඩාවකට ලක්වන අරක්ෂණයකි. මෙහි ඇති විශේෂත්වය නම් ඔබගේ apple දුරකථනය හොරකම් කිරීමක් සහා නැතිවීමක් සිදුවොවහොත් Find my phone  ලබාදීමෙන් ඔබගේ නැතිවු සහ සොරකම් කරන ලද දුරකතනය සොයාගැනීමට හැකි අතර ඔබගේ දුරකථනය නැතිව් බව සදහන් කර ඔබගේ දුරකථන අංකයක් පවා ඔබගේ නැතිවූ දුරකතනයේ  පල කල හැක. ඒ ලෙසම අනෙක් අතට icloud lock එකෙහි බලපෑම නිසා කිසිසේත් එය අයින් කිරීමට නොහැකිවීමෙන් apple ජංගම දුරකථන කුනුකොල්ලෙට පවා විකිනෙයි.යම් හෙයකින් මෙම lock එක ඉවත් කිරීමට හැකිවුවහොත් පළමු අයිතිකරුගේ (1st  owner ) දුරකතනයේ තිබු icloud Details නැති ව් යන අතර ඔහුට ඉන්පසු ඔහුගේ දුරකතනයේ කිසිවක් නොකල හැකිය.Androit දුරකතනයක් Reset කිරීමෙන් එහි ඇති lock ඉවත් කල හැකි අතර එය ඉතාම පහසු වෙ.එනමුදු apple දුරකතනයක ඒවැන්නක් කල නොහැකි අතර ඒ සදහාද lock එක මගහැර Menu  තුලට පිවිසිය යුතුය. දැනට සොයාගෙන ඇති පරිදි icloud lock ඉවත්කිරීමේ ක්‍රම දෙකක් ඇත.එයින් පළමු වැන්න මදක් සංකීර්ණ  වේ.Java programming යොදාගෙන සාදන මෘදුකාංග මගින්  ios එකට පිවිසි lock එකට අදාල setup file එක ඉවත් කිරීමන් lock එක ඉවත්කළ හැක.මේ සදහා ssh_rd_rev04b යන Java programming එක යොදාගනී.ඒ සදහා පසුව video සමග ලිපියක් බලාපොරොත්තු වන්න.දෙවැන්න ලෙස අද ලිපියේ  මාතෘකාව වන DNS Bypass යොදාගත හැක. Domain Name System හෙවත් DNS යනු ඕනෑම Domain නාමයකට අයත් ip address එක වේ.මෙය කුඩාම අර්ථකථනය වෙ.lock වූ apple දුරකතනයක් මගින් වෙබ් අඩවියකට සම්බන්ද සංකල්පයක් ගැන කතා කිරීමෙන් පලක් නොමැති බව ඔබට සිතෙන්නට ඇත.කෙසේ හෝ වෙබ් අඩවියකට රිංගීම මගින් ඔබගේ දුරකතනයේ Camara,Flash light,local internet පන ගැනිවිය හැකි බව ඔබ දැන සිටියද. Internet සපුරාලීම මගින් mail+Social+Youtube වැනි සේවාවන්ද පනගන්විය හැකිය. මේ සදහා ඇති ක්‍රමය DNS පමණි.වෙබ් අඩවියක නම ඇතුලත් කිරීමට අමතරව ඒ වෙබ් අඩවිය සදහා ඇති ip කේතය ඇතුලත් කිරීමෙන්ද එම වෙබ් අඩවියට ඇතුලත් වීම කල හැක.මේ සදහා විශේෂ server පවතී.මේ බව තේරුම් ගත් ui.iclouddnsbypass.com වෙබ් අඩවිය කලින් පැවසුව ලෙස Camara,Flash light,local internet යන අංග ක්‍රියාත්මක කිරීම සදහා.එම වෙබ් අඩවිය නිර්මාණය කල අතර මිලියන 3 පමණ සේවාදායකයින් එහි සිටියි.මෙම වෙබ් අඩවිය නිර්මාණයට C++ යොදාගෙන ඇති අතර කොපමණ සේවාදායකයින් වෙබ් අඩවිය සදහා පැමිණියත් වෙබ් අඩවියට කිසිදු හානියක් නොවේ.ඔබට මෙම සේවාව ගැන පැහැදීමක් ඇතිනම් එහි නිර්මාණ කරුවන්ට Donate කිරීමද කල හැක.ඊළගට පැමිණෙන ප්‍රශ්නය නම් ,අනාරක්ෂිත ලෙස apple lock එක මගහැර මෙවන් වෙබ් අඩවියකට join වීමෙන් මුල් අයිතිකරු ගේ විස්තර අනිසි ලෙස එලියට පැමිණීමක් සිදුවිය හෝ අන්තර්ජාලය මගින් apple lock එකට යම් බලපෑමක් කිරීමට හැකිද යන්නයි.කිසිසේත් නැත.මේ සිදුවන සියල්ල දිහා apple සමගම අවදානයෙන් බලාසිටි.මෙ DNS method එක කිසිදු හානියක් නොමැත.මුල් අයිතිකරුගේ apple id කිසිදු දෙයක් වෙනස් වන්නේ නැත.එය වෙනස් නොවීමෙන් මුල් අයිතිකරුට ඔහුගේ නැතිවූ දුරකථනය හා ඔහුගේ පවුත්ගලික සියල්ල අරක්ෂාකාරිව ලබාගත හැකිය.එය අරක්ෂාකාරිව ලබාදීමට පෙර ඔබට අවශ්‍ය නම් බාවිතා කිරීමට හැකි වීමයි.මේ සියල්ල තවත් අරක්ෂාකාරිව සිදුවීමට වෙබ් server එකට පිවිසීමට ප්‍රථම apple සමාගමෙහි captive.apple.com වෙබ් එකට පිවිස ආරක්ෂාකාරී සම්බන්දවිමක් නම් එමගින් කලින් සදහන් කල වෙබ් අඩවියට පිවිසීම සිදුකරයි.මෙමගින් ඔබට සිතෙනවා ඇති ඒ ඒ කාර්යට අදාල වෙබ් අඩවි නිර්මාණය කර ඇති බව.උදාහරණයක් ලෙස time.windows.com  ගත හැකිය.ඔබ සිතුවාද ඔබ අන්තර්ජාලයට සම්බන්ද වීමෙන් අනතුරුව  ඔබගේ පරිගණකය time.windows.com server එකට සම්බන්ද වී ඔබගේ පරිගණකයේ වෙලාවේ ඇති වැරදි,වෙනස්කම් සකසන බව.එලෙසම මෙ සියල්ල එකට බැදී පවතින බව ඔබට වැටහෙනවා ඇති.පැහැදිලි කිරීම පැහැදිලි.ඉන්පසු මෙම DNS Server වලට සම්බන්ද වීම කෙසේදැයි බලමු.මෙ සදහා ඔබට ඔබගේ Apple ජංගම දුරකතනයට අමතරව Portable WiFi Hospot එකක් හෝ WiFi connection එකක් අවශ්‍ය වනවා.මේ සදහා ඔබගේ Androit දුරකතනයේ මගින් සාදන ඕනෑම WiFi connection එකක් යොදාගත හැකියි.තව දෙයක් දුරකථනය ඉන්ටෙර්නෙට් එකට සම්බන්ද උනාට data හුවමාරු වෙන්නේ Access Point එක හරහාය.එනම් data කැපෙන්නේ Router එක හෝ ඔබ සෑදු Protable Hospot එක හරහාය.හරි, පටන් ගමු.පහල රූපවල ඇති පරිදි සියල්ල අනුගමනය කරන්න.




1.පළමුව ඔබගේ අවශ්‍ය විස්තර ලබාදෙන්න.




2.ඔබගේ  WiFi network එකට ප්‍රථමව connect වෙන්න.


3. network එකට connect වු පසු ඊලග පිටුවට යෑමට
    පෙර රුපයේ ඇති ආකාරයට Back එක ඔබන්න    


4.More Wi-Fi settings ලබාගැනීම සදහා ඔබගේ apple දුරකතනයේ home button එක ඔබා රුපයේ ආකාරයට
More Wi-Fi settings click කරන්න



5.More Wi-Fi settings click කිරීමෙන් අනතුරුව මෙම රුපයේ දැක්වෙන ආකාරයට More logo එකක් ලැබේ.එය click
කරන්න.








7.ඉන්පසු Forget this Network ලබාදී connection එකෙන් අයින් වෙන්න.







6.ඉන්පසු රුපයේ දැක්වෙන ආකාරයට DNS shell එක click කර වෙනත් DNS ip එකක් තිබේනම් එය ඉවත් කර මෙම DNS ip එක එතැනට දාන්න.
DNS -104.155.220.58

      

8.ඉන්පසු back ඔබා නැවත WiFi එකට connect වෙන්න.











 9.connect වීමෙන් අනතුරුව ඉක්මනින් ඊලග පිටුවට යන අතර ඊලග පිටුවට යාමට    පෙර Back ඔබන්න




 




10.ඉන්පසු මේ ආකාරයට server එකට connect වෙ.රුපයේ පරිදි server එකට connect වූ පසු ඔබට Cancel ලෙස දිස්වෙනම් නැවත වරක් මුල සිට පටන් ගන්න.ඉන්පසු කලින් Cancel දිස්වූ තැනෙහි Done ලෙස දිස්වෙනම් Server එක ඔබට හරි ආකාරව වැඩකරයි.








ඔබ රුපයේ ඇති පරිදි මෙලෙස Auto join හා Auto login active කර තිබේනම් WiFi connection එකකට On වූ වහාම server එකද On වේ.









හරි,වැඩ ටික හරි.දැන් බලමු server එකට ගහින් කරන්න පුලුවන් වැඩ.තවත් වටිනා පොස්ට් එකකින් ආයේ හම්බවෙමු.



















පිටරටකින් ගෙන්වාගත් හෝ තෑග්ගක් ලෙස ඔබට iphone එකක් ලැබුනේ නම්,ඔබ එහි Icloud id / Password නොදන්නේ නම් .මෙම server එකෙහි මුල් අයිතිකරුගේ icloud id / Password ලබාගත හැකි මෘදුකාංගමය සේවාවක් පවතී.ඒ සදහා පසුව ලිපියක් බලාපොරොත්තුවන්න. 
Tuesday 24 May 2016
Posted by Priyanka prabashwara

Cal of duty 4 Pezbots

හලෝ,පිලිගන්නවා.අද ලියන්න යන ලිපිය cod 4 ගහන අයටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.ගොඩක් අය කැමති වෙන්නේ call of duty 4 game එක multiplayer ඒ  කියන්නේ online ගහන්න.උදේ පටන් ගත්තොත් ඉවර වෙන්නේ රෑට.ඒ තරමටම ගොඩක් සාර්ථක game එකක් තමයි Call Of Duty කියන්නේ.එත් එකට අවාසනාව මුල් වෙනවා.මේකේ අවාසනාව කිව්වේ game එක ගහන ගමන් Data ඉවරවෙන එක.ඒ කාලේ තිබ්බා දවසට 100MB free දෙන site එකක්.දැන් කොහොමද දන්නේ නැ,හොයල බලලා ඒක ගැනත් ලිපියක් දැන්නම්.හරි අපි මාතෘකාවට එමු.කොහොමද cod 4 එකටonline වගේම play කරන්න පුලුවන් bot ලා හිටියොත්.එහෙම කරන්න පුලුවන්.Normal mod හා promod දෙකටම Bot ලව ඇති තරමක්  Active කරගන්න පුලුවන් ඔයාගේ Pc එක අනුව.Pc එක අනුව කියල කිව්වේ ඔයාගේ Pc එක Dual-core වගේනම් ආසන්නව Bot 6ක් active කරගන්න පුලුවන්.ඉටවඩා කරන්න ගියොත් වෙන්නේ PC එකම lag ( Slow ) වෙන එක.bot 6ක් කිව්වේ ඔයත් ඒක්ක 6යි කියන එක.ඒ කියන්නේ අපි Active  කරගන්න ඕනේ 5ක්.Active කරගන්න අමාරු නැහැ.එකටත් පොඩි පියවරවල්  ටිකක් තියනවා.මේකට අපි Download කරගන්න ඕනේ Mod Fils 2ක් .හරි,Download කරගන්න යටින් ලින්ක් ටික දීලා තියනවා.Cloud තුනකට upload කරලා තියෙන්නේ ඔයාලගේම හොදට.මෙතන file 2ක් තියෙන්නේ Normal mod එකට එක Mod file එකක් හා Promod වලට එක Mod File එකක් ලෙස. යටින් බලාගන්න පුලුවන් එකම game එකේ mod දෙකේ වෙනස.

Normal Mod
        
Promod

Both

Normal mod හා Promod සංසන්දනය කළහොත් ඔබටම පෙනෙනවා Normal Mod වැඩි දුරට සoස්කරණය කර තමා Promod Mod සාදා තිබෙන්නේ.මන්ද,Normal Mod හි ඇති ආයුඩ සෙලවීම,දුර පෙනීම,දුවන විට දෙපසට සෙලවීම්  සියල්ලම වගේ සoස්කරණය වී තමා Promod යන සංකල්පය සැදී තිබෙන්නේ.වර්තමානයේ නම් Zombi  Mod පවා නිර්මාණය කර ඇති අතර යුද වදිනා සොල්දාදුවන් පවා Zombi ලෙස වෙනස් වේ.Mod නිර්මාණය පිළිබද ලිපියක් ඉදිරියේදී ලබාදෙන්නම්.
   හරි , වැඩේට බහිමු.දැන් ඔයාල Download කරගත්ත Winrar File එක Extract කරගන්න.( password= http://oslateam.blogspot.com/ ) ඊටපස්සේ Extract කරලා ගත්ත File දෙක ( Without Read me )  ඔයාගේ Call of Duty 4 game එක install කරලා තියන path (තැනට)  ගහින් Mod කියන file එක හොයල එකට Folder එක පිටින්ම දාන්න.දැන් මුලික වැඩ ටික හරි.ඊළගට තියෙන්නේ Bot Active කරගන්න විතරයි.
Bot Active කරගන්න ක්‍රමය mod දෙකටම එකම ක්‍රමයකි.  game එක open කරලා Console එක open කරගන්න.console එක Active කරලා නැත්නම්
Option -> Game Option -> enable Console  කරලා console එක හදාගන්න.මුලින්ම තියෙන්නේ Mod එක lunch කරන්න.ඔයා mod වලට දාපු මොඩ් එක හොයලා Double click කරලා lunch කරගන්න.ඊටපස්සේ තියෙන්නේ console එකේ map එක type කරන්න.console එක open කරගන්න ESC button එකට යට තියන button එක ඔබන්න.
මෙම key එක එබිමෙන් ලැබෙනා කොළ පැහැති තීරුව console එක වේ.පහත ඇති රුපයෙන් console එක පෙන්වා ඇත.මෙම console එක භාවිතා කර game එකේ ඉතා අත්‍යවශ්‍ය කාර්යන් ඉතා පහසුවෙන් කල හැක.මෙමගින් game type ,game name,game password වෙනස් කිරීම් ඇතුළුව කාර්යන් විශාල ප්‍රමානයක් කලහැක.උදාහරණයක් ලෙස , ඔබ විසින් නිර්මානය කෙරු server එකෙහි game type එක TDM (Team Death Match) ලෙස වෙනස් කිරීමට අවශ්‍යනම් ඔබට කිරීමට ඇත්තේ g_gametype Tdm ලෙස console හි type කිරීම පමණි.Console command ඉතා විශාල ප්‍රමාණයක් පවති.එමගින් server එකක් hack කිරීම් පවා සිදු කල හැක.එතරම් ඕනේ නැහැ.දැන් අපි කරන්න යන්නේ Bot ලව Active කරන්න එකට Console එකේ

/Devmap mp_Backlot ලෙස type කර Enter කිරීමෙන් map එක Load වේ.Backlot පමණක් නොව ඔබට ඕනෑම map එකක් දමාගත හැක.අවශ්‍ය වන්නේ backlot ඇති තැනට අවශ්‍ය map එක යෙදීම පමණි.අවසාන කොටස ලෙස ඇත්තේ Bot Active කිරීම පමණි.ඒ සදහා map load වීමෙන් අනතුරුව.Console එක නැවත open කර /svr_Pezbots 5
යන command එක යෙදීම පමණි.කලින් සදහන් කල ආකාරයට ඔබගේ පරිගණකය අනුව Bot ගණන තීරණය වේ.ඔබගේ කැමැත්ත අනුව bot 10 පමණ Active කිරීමට සිතුනොත් අවශ්‍ය වන්නේ command එකේ ඇති පරිදි 5 ඉවත් කර 10 දැමීම පමණි.ඉවරයි.ආයේ හොද ලිපියකින් හමුවෙමු.

Download Pezbots -
Download Pezbots -
Download Pezbots -




Friday 20 May 2016
Posted by Priyanka prabashwara

Vmware workstation Virtual Machine & os ( අතාත්වික පරිගණක )

පිලිගන්නවා,ගොඩක් කට්ටිය ආසයි තමන්ගේ පරිගණකයේ හැකි පමණින් මෙහෙයුම් පද්දති ( OS ) ස්තාපනය කරගන්න.කරන්න පුලුවන්.හැබැයි මෙ වැඩේට කිසිම විදියකට ඔයාගේ computer එකට මෙහෙයුම් පද්දති ස්තාපනයක් අවශ්‍ය වෙන්නේ නැහැ.මේකෙන් වෙන්නේ Vmware මෘදුකාංගයට මෙහෙයුම් පද්දති ස්තාපනය කිරීමක් පමනයි.
ඔ ව්,හරියට Bluestacks වගේ තමා.එහි ඇති ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරිත්වයක්  තමා Vmware workstation මෘදුකන්ගයෙනුත් තිබෙන්නේ.එහෙත් Bluestacks මෘදුකාංගහි ඩාවනය කල හැක්කේ Androit පමනයි.එහෙත් Vmware workstation මෘදුකන්ගයෙහි දැනට ඇති සියලුම මෙහෙයුම් පද්දති ධාවනය කලහැකිය.තවද මෙම මෘදුකාංගය ඉතාමත් දියුණු මට්ටමක පවතිනවා.මෙහෙයුම් පද්දති ස්තාපනය කිරීමේදී තමාගේ පරිගණකයට ස්තාපනය කරන්නාක් මෙන් බීප් සද්ද පවා පිටකරන අතර කිසිදු හිරිහැරයකින් තොරව තමාගේ පරිගණකයේ අනෙකුත් වැඩ අස්සෙද ධාවනය කල හැක.ඔබට අවශ්‍ය පරිදි මෙහෙයුම් පද්දති ස්තාපනය කර දාවනය කල හැක. උදාහරණයක් ලෙස Windows තියන කෙනෙකුට Backtrack  වගේ මෙහෙයුම් පද්දතියක් පාලනය කරන්න අමරුනේ.පාලනය කරන්න කියන්නේ windows වලට උඩින්  install කරන්න,ඒවගේම Backtrack වල තියෙන්නේ වින්ඩොස් වලට වඩා ගොඩක් වෙනස් මුහුනතක්,වැඩ කරන්නේ Ms-dos වගේ code වලින්.තව එකක් තමා මේකේද වෙනසක් නැතුව ඕනෑම  Androit එකක් වැඩකරවගන්න පුලුවන්. Androit විතරක් නෙවෙයි  Windows 2002 Server වැනි server මෙහෙයුම් පද්දති සහා දැනට තියන ඕනෑම මෙහෙයුම් පද්දතියක් මේ මෘදුකාංගය මගින් ස්තාපනය කර භාවිතයට ගන්න පුලුවන්.තව මෙම මෘදුකාංගයේ හැකියාවන් ගැන කිව්වොත් , වෙනත් පරිගණකයක් හැසිරවීමේ ( Remote Dekstop connection ) හැකියාවක්ද තිබෙනවා.එම ක්‍රියාව සදහා Vmware තුලද හැකියාව තිබෙනවා.
මේකත් පොඩි trail මෘදුකාංගයක් තමයි.එත් එකටත් crack  key  හදල තියනවා.එක නිසා activation ගැන වදවෙන්න ඕනේ නැහැ.දෙවෙනි එකට තිත දාල ඔයාගේ වැඩ කරන E-mail එකක් දෙන්න.එත් vmware team  එකෙන් ඔයාගේ E-mail එකට activation key එකක් යවන්නේ නම් නැහැ.Activation එක ඉවර වෙන්නේ දවස් 30 කින්.ටිකක් දුර හිතලා බැලුවහම අපිට පුලුවන් දවස් 30න් පස්සේ සොෆ්ට් එක අයින් කරලා ආයේ දාගන්න,තව විදියකට computer  එකේ date එක වෙනස් කරන්න,තව පුලුවන් සොෆ්ට් එකේ register / update file එක අයින් කරන්න.එත් ඒවා මේ Vmware එකට ප්‍රායෝගික නැහැ.ප්‍රශ්නය තමයි,මෙහෙයුම් පද්දති දාගෙන පාවිච්චි කරන්න පුලුවන් උනාට , windows වගේ os එකක් දාන එක සෙල්ලමක් නෙමෙයි.සැලකිය යුතු වෙලාවක් යනවා වගේම එක වෙලාවක කරදරයක් වෙනවා. 
install කරන එක වෙනසක් නැහැ.install කරාට පස්සේ තියෙන්නේ Create new Virtual Machine එක ඔබලා ඔය තුන්වෙනි  පින්තුරයෙ විදියට හදාගන්.මතක තබාගන්න Virtual Machin සදහා දෘඩාංග තේරීමේදී ඔබගේ පරිගණකයේ තිබෙන අන්දමට වඩා අඩුවෙන් තෝරාගන්න.උදාහරණයක් ලෙස තුන්වෙනි රුපය බලන්න.එකේ මං දාල තියෙන්නේ මගේ තියන විදියට වඩා දෙගුණයක් අඩුවෙන්.
       ex- 4GB Ram = 2GB Ram වගේ
අනිත් ඒවා වලට software  එක දෙන ස්ටෑන්ඩ් විදියට ගන්න
ex - ScSl Hard disk 8GB ( software එක මගින් ලබාදුන් stand GB ගාන )
processer එක ගත්තොත් නම් ස්ටෑන්ඩ් දෙන්නේ core 1 වගේ තමා.එත් එක ඔයාගේ processer එකට අනුව හදාගන්න පුලුවන්.අන්තිම එක,දැන් මෙහෙයුම් පද්දතියට ඕන කරන දෘඩාංග තෝරාගෙන ඉවරයි.දැන් තියෙන්නේ මෙහෙයුම් පද්දතියක් දාන්න මාද්‍යක් තෝරන එක විතරයි.ඔයාලට පේනවා CD/DVD කියල එකක්.එක click කරහම එනවා තවත් වින්ඩෝ එකක්.එකේ දකුණු පැත්තේ තියනවා Use physical driver , Use ISO image fils.ඔය දෙකෙන් physical driver කියන්නේ USB , DVD Rom වගේ ඒවා.image file කියන්නේ extract කරන්න කලින් ඔක්කොම fils එකතු කරපු ගොනුවක් කියන්න පුලුවන්.ISO file එකක් තියනවනම් එක දාල නැත්නම් DVD එකක් use කරලා මෙහෙයුම් පද්දතිය Vmware එක මගින් ස්ථාපනය කරගත හැකිය.එහෙනම්,හිතනවා තේරුණා කියලා.ආයේ හම්බවෙමු .
  
  • Vmware workstation for windows 7& on-
  • Vmware workstation for windows Xp-  
  • Vmware workstation 12 key






Thursday 12 May 2016
Posted by Priyanka prabashwara

නවතම මිලෙන් අඩුම ස්මාර්ට් දුරකථනය Freedom 251 ( නිවසට ගෙන්වා ගැනීම A-Z )

කවදත් ලෝකයේ අලුත් දේවල් වෙනවනේ,මේකත් ඒ වගේ තමා.දැනට ලෝකයේ මිලෙන් අඩුම ස්මාර්ට් ජංගම දුරකථනය ඉන්දියා වේ Ringing Bell ආයතනය මගින් එළිදක්වා තිබෙනවා.මෙහි මිල වන්නේ ඉන්දියා මුදලින් 251 ක්.ඒ කියන්නේ ලංකා මුදලින් රු-524.66 .ඒ වගේම මේ ජංගම දුරකථනය සාමාන්‍ය ස්ට්මාර්ට් ජංගම දුරකතනකට 100% සමානයි.ස්ට්මාර්ට් දුරකතන වෙළදපල ඇල්ලීම තමා ඔවුන්ගේ අරමුණ.ඒ
අකාරයෙම්ම මෙම Freedom 251 දුරකථනය ලොව පුරා නව ස්මාර්ට් වෙනසක් සිදුකරන බවනම් නොඅනුමානයි.


මෙම ජංගම දුරකථන එම මුදලට ඉතාමත් වාසියි.මෙහි Camara දෙකක් සහා 8GB දාරිතාවක් සමග Androit
මෘදුකාංග හිරවීමකින් තොරව දාවනය කළහැකි 1GB Ram සමග 1.3 GHz
චිපයක්ද තිබෙනවා.මෙහි පෙනුම apple දුරකතයක් ලෙස පෙනුනට ඔවුන්ගේ
කිසිදු දෘඩාන්ගයක් හෝ මෘදුකාංගයක් වත් මෙහි අඩංගු වන්නේ නැ.පහතින් මෙම ජංගම දුරකතය Order කිරීමට අදාල පැහැදිලි කිරීමේ රුපයක් තිබෙනවා.

මෙහි ඔබගේ state සොයාගැනීම සදහා ලින්ක් එකක් සහිත වෙබ් අඩවියක් ඇති අතර pincode ලෙස ලබාදිය යුත්තේ ඔබගේ master හෝ Credit කාඩ් පතේ අංක 16යකින් යුත් කෙතයයි.පැහැදිලි කිරීම සම්පුර්නයි.මෙම දුරකතනය ඔබගේ නිවසට ගෙන්වීමට සති 4 සිට මාස 4 දක්වා කාලයක් ගතවිය හැක.

Freedom 251 දුරකතනය Order කිරීම- යන්න
ඔබගේ state එක සොයගැනීමට - යන්න

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 



Friday 19 February 2016
Posted by Priyanka prabashwara

How to get free Call of dutys Server (නොමිලේ cod4 server එකක් ලබා ගැනීම.)


මේ කාලයේ ලංකාවේ ගොඩක් අය අන්තර්ජාල පරිගණක ක්‍රීඩා යොමු වී තිබෙනවා.මෙම කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්දම පරිගණක ක්‍රීඩාව ලෙස Clan Of Clans නම් ක්‍රීඩාව ප්‍රථම ස්තානයේ රැදී තිබෙනවා.නමුත් පරිගණක ක්‍රීඩාවක් ලෙස නම්කළ ඉහත කිඩාව වැඩි වශයෙන් ධාවනය වන්නේ Android දුරකථන වල පමණි.එහෙත් මෙම ක්‍රීඩාව පරිගණක වලද ඩාවනය වේ.හරි,මම අද කියන්න අවේ මෙවන් ප්‍රසිද්ද ක්‍රීඩාවක් වන Call Of Duty අන්තර්ජාලයෙන් ක්‍රීඩා කලහැකි Server එකක් නොමිලේ ලබා ගත හැකි ක්‍රමයක් පිලිබදවයි.මෙය තාවකාලික සැකසුමක් බැවින්,ඔබ එම server එකෙහි සිටින තාක් server එක
සක්‍රීයව පවතී.මෙම server එකෙහි Host Location එක  ජර්මනිය වන අතර google ping මට්ටම

වේ.එපමක් නොව මෙමගින් මාසික server පවා ලබා ගත හැක.පහතින් ඊට අදාල ගෙවීම් බලාගත හැක.


Order a server
slots 1 month 3 month1 month rupee 3 month rupee
10 slots € 3.50 € 9.98 Rs:546.62 Rs:1558.64
12 slots € 4.20 € 11.97 Rs:655.94 Rs:1869.43
14 slots € 4.90 € 13.97 Rs:765.45 Rs:2182.31
16 slots € 5.60 € 15.96 Rs:874.80 Rs:2493.18
18 slots € 6.30 € 17.96 Rs:984.15 Rs:2805.61
20 slots € 7.00 € 19.95 Rs:1093.50 Rs:3116.47
22 slots € 7.70 € 21.95 Rs:1202.85 Rs:3428.90
24 slots € 8.40 € 23.94 Rs:1312.20 Rs:3739.77
26 slots € 9.10 € 25.94 Rs:1421.55 Rs:4052.20
28 slots € 9.80 € 27.93 Rs:1530.90 Rs:4362.20
30 slots € 10.50 € 29.93 Rs:1639.93 Rs:4674.57
32 slots € 11.20 € 31.92 Rs:1749.25 Rs:4985.37

මෙම තාවකාලික server එකේදී පවා ස්ලොට් ගණන 32 දක්වා වැඩි කරගත හැක.server නිර්මාණය ඔබට එතරම් අපහසු වන එකක් නැ.ලිපිය පැහැදිලියි.මෙම වෙබ් අඩවිය මගින් තවත් පරිගණක ක්‍රීඩා වලටත් server ලබාදෙනවා , මෙම ලිපියේ අරමුණ Cod 4 server ලබාගැනීම පමණි .

free server එක ලබා ගැනීම - යන්න 
තාවකාලික server එකක් ලබා ගැනීම - යන්න
Euro Srilanka Rupee Converter - යන්න

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 







Wednesday 27 January 2016
Posted by Priyanka prabashwara

DDos Tool (DDos කට්ටලය ) +LOIC-1.0.8-binary

හැමෝගෙම අවශ්‍යතා නන් අයුරින් සපුරන අන්තර්ජාලයට ඒ තරම් වයසක් නැත.අන්තර්ජාලය තව තවත් පුළුල් වනවා මිසක කිසිදත් වෙනස් වන, අඩු වන බවක් නොපෙනේ.කල් යත්ම සමාජ වෙබ් අඩවි බිහිවීමත්  ,බැංකු අන්තර්ජාල සේවා නිර්මාණය වීමත්  /පුළුල් වීමත්  හා අනෙකුත් වෙබ් අඩවිද නිර්මාණය වීමක් සිදු විය සාමාන්‍ය ජිවිතයේ  තමාගේ  මුදල්,තොරතුරු  සොරාගන්නා සොරුන්  මෙම්ම ,මෙම අන්තර්ජාලය තුලද සොරුන් බිහිවිය.
මෙවන් සොරුන් සාමන්‍ය සොරුන් මෙන් නොව අන්තර්ජාලය පිළිබද මනා දැනුමක් ඇති සමාජයෙන් මදක් ඈත් වූ වෙනස් ගති පැවතුම් ඇති පිරිසකි.මෙවන් සොරුන්ට පොදුවේ "Hacker" යන නම පටබදුනට මොවුන්ගේ සොරකම් කිරීම් ඉතා විශාලය.මෙම Hacker සොරුන්ගේ විවිඩ උපක්‍රම ඕස්සේ ඇති  DDos නම් උපක්‍රමය දැන් කාලයේ කා  අතරත් ප්‍රසිද්දය.

DDos කියන එක සරලම ආකාරයෙන් කිව්වොත්, එක  පරිගණකයක් හරහා විනාශකිරීමට අවශ්‍ය වෙබ් අඩවිය හට  Botnet මුදාහැරීමයි.
මෙහිදී සිදුවන්නේ විනාශකිරීමට අවශ්‍ය වෙබ් අඩවිය වෙත Botnet (පරිහරණය කරන්නන්) යොමු කිරීමයි.පහත ඇති රුපය පරිදි.මෙම සම්පුර්ණ ක්‍රියාවට DDos Attack යැයි කියනු ලැබේ.  වෙබ් අඩවියක දරාගැනීමේ ශක්තිය පවතින්නේ Domain නාමය අනුව යැයි මා කලින් පවසා ඇත.මෙම Botnet මගින් වෙබ් අඩවියේ දරාගැනීමේ ශක්තිය බිදහෙලනු ලබයි.එක වර සිය ගණනක්,දහස් ගණනක්,ලක්ෂ ගණනක් ඔබගේ වෙබ් අඩවිය හෝ වෙනත් අඩවියක් වෙත පිවිසුනොත් කුමක් සිදුවේද? ඔව්, ඔබගේ වෙබ් අඩවිය හෝ වෙනත් වෙබ් අඩවියක් Slow (මන්දගාමී) තත්වයට පත්වෙන්න පුළුවන්.එමගින් මන්දගාමී තත්වයක වැඩකරන පරිගනකයක Ram කාඩ් පතක් පිළිස්සෙනවා වගේ DDos මගින් වෙබ් අඩවි මන්දගාමී තත්වයකට පත් කර වෙබ් අඩවිය විනාශ කිරීමයි.හරි,LOIC-1.0.8-binary  DDos කට්ටලය මගින් ඔබට මෙ පිලිබදව වැඩි දුර දැනුමක් ලබාගැනීමට හැක.
වමතින් දැක්වෙන්නේ එම LOIC-1.0.8-binary DDos කට්ටලයේ රූපයකි.මෙම DDos කට්ටලය හැසිරවීම පිළිබද සියල්ල අපගේ Youtube සමාජ
වෙබ් අඩවිය තුල පළකර ඇත.
සැලකිය යුතුයි-මෙහි  ඇති සියලු පැහැදිලි කිරීම් සිදුකරන්නේ හුදෙක්ම ඔබගේ ඉගෙනීම සදහාය.  
පහත ඇති මුදාහැරීමේ කැඩපත් තුලින් ඔබට මෙම LOIC-1.0.8-binary  DDos කට්ටලය බාගත හැක.

මෙම මෘදුකාංගය බාගනීමදී  ප්‍රථම ඔබගේ පරිගණකයේ ඇති virus ගාඩ්  පද්දතිය අවහිර කලයුතුය .නැතහොත්  virus ලෙස පෙන්නුම් කර එම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ  භාවිතය අවහිර කරයි 

-Download LOIC-1.0.8-binary DDos Tool-Mega-පිවිසෙන්න
-Download LOIC-1.0.8-binary DDos Tool-File sheard-පිවිසෙන්න 

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 



Saturday 5 September 2015
Posted by Priyanka prabashwara

Get .Tk Domain free (නොමිලේ ට්කේ ඩොමෙන් නාමයක් ලබා ගැනීම)

බ්ලොගේර් කියන්නේ දැන් කලේ හැමෝම දන්නා ගොඩක් අය පාවිචිචි කරන ප්‍රසිද්ද වෙබ් අඩවි නිර්මාණකකරණයේ  ලා ප්‍රදාන ස්ථානයෙ තිබෙන වෙබ් අඩවියකි.මෙම අඩවිය ඔවුන්ගේ domain නාම යටතේ ගනුදෙනු කරුවන්ට ලබාදෙන වෙබ් අඩවි වල ඇති .blogspot යන domain නාම වෙනත් domain නාම වෙත වෙනස් කිරීමේදී හා Google Ad හා වෙනත් Ad අපගේ වෙබ් අඩව් තුල පළකිරීමෙන් යන කරුණු වලින් මුදල් ලබාගැනීම සිදු කෙරේ.වෙනත් domain නාම වෙනස් කිරීමට ප්‍රථම ඔවුන් අපට ලබාදෙන .blogspot යන domain නාමය තුල අපට අවශ්‍ය ප්‍රමාණයේ පොස්ට් හා වෙනත් කෘති යන අංග දැක්විය හැක.වෙබ් අඩවියක ඇති ඉඩ ප්‍රමාණය (Storage) සෑම විටම domain නාමය යටතේ තීරණය වෙයි.

මම හිතන විදියට මම අද කියන එක ඔයාලට තේරෙනවා ඇති.හරි,මම අද කියන්න යන්නේ කොහොමද ඔයාගේ bloger වෙබ් අඩවිය සදහා .Tk domain නාමයක් නොමිලේ ලබන්නේ කියන එක.
.Tk domain නාමය පමණක් නොව .com .org  .lk නාමද නොමිලේ ඒ කියන්නේ නිකන් ලබාගන්නත් පුළුවන්.සමහර විට මෙම අනිත් domain නාම නොමිලේ ලෙස පළකර තිබුනට මෙම domain නාම වලංගු වන්නේ මාස හෝ දවස් ගණනකට විතරයි.ඒ කියන්නේ Tral විදියට.ඒවගේම .com යන domain නාමයක් කිසියම් අයුරකින් ලබාගතහොත් එම domain නාමය සදහා අදාල ඉඩ ප්‍රමාණයකින් යුක්ත Host යන ක්‍රියාව සිදුකළ යුතුය.
මන්ද,domain නාමය යටතේ වෙබ් අඩවියේ ඉඩ ප්‍රමාණය (storage) වෙනස් වන නිසා.

පහතින් දැක්වෙන්නේ එම වෙබ් අඩවියේ රූපයකි.මෙම අඩවියට පිවිසීමත් .tk domain නාමය ඉතා ලෙහෙසියෙන් ලබාගැනීමට හැකි වීමත් මෙහි ඇති සුවිශේෂී ලක්ෂණ වේ.
පහතින් ඇති ලින්ක් එක ඔස්සේ ගිය පසු මෙවන් කවුළුවක් දිස්වේ.එම කවුළුවේ ඇති පිරවුම සදහා ඔබගේ bloger වෙබ් අඩවියේ නාමය .blogspot ඉවත්කර ලබාදෙන්න .පහත ඇති පරිදි.
නිදසුන්-oslateam

මුල් කවුළුව පිරවීමෙන් පසු පහත ඇති පරිදි මෙවන් කවුළුවක් දිස්වේ.අපගේ වෙබ් පිටුවේ නාමය මෙම .tk domain පිටුවට ලබා දී ඇති හෙයින් වෙනත් නාමයක් භාවිතා කර ඇත.මෙහිදී,ප්‍රථම පිරවුම පිරවීම සදහා ඔබගේ .blogspot වෙබ් අඩවියේ සම්පුර්ණ ලිපිනය (URL) ලබාදිය යුතු වේ.නිදසුන් පහත දක්වා ඇත.දෙවෙනි කවුළුවේ දිස් වන්නේ ඔබගේ .tk domain නාමය  ලියාපදිංචි (Register) කල යුතු කාලයයි.මෙහිදී ඔබට අවශ්‍ය කාලයක් ලබාදිය හැකිය.එහෙත් ලියාපදිංචි කිරීමක් අතවශ්‍ය නොවේ.තුන්වන කවුළුවේ ඇත්තේ Capcha පිරවුමකි.
මෙම පිරවුම් නිසි ආකාරයෙන් පිරවීමෙන් අනතුරුව ඔබට 
Sign up විය යුතුය .ඒ සදහා ඔබගේ facebook ගිණුම භාවිතා කල හැක.Sign up වීමෙන් ඔබව එම වෙබ් අඩවිය සදහා ලියාපදිංචි වේ.මෙහිදී ඔබට Server එකක් පවතීනම් එම Server එකද මෙම වෙබ් අඩවිය මගින් නාමගත කරගත හැකිය.

නිදසුන් පිරවුම් අංක එක-http://oslateam.blogspot.com

Dot tk -යන්න 

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 


Wednesday 2 September 2015
Posted by Priyanka prabashwara

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -