Posted by : Priyanka prabashwara Saturday 15 August 2015

අන්තර්ජාල මුදල් කිව්වහම නොදන්නා කෙනෙක් නැති තරම් .ඉතින් ගොඩක් අය මෙම අන්තර්ජාල මුදල් උපයනවා.ඒවගේම ඒ උපයන මුදල් paypal ගිණුම් වලට දාගන්නවා.එත් ඒ මුදල් නිවසට ගෙන්වා ගන්න නොහැකිව ගොඩක් පිරිස සිටිනවා .මම අද කියල දෙන්න යන්නේ අන්තර්ජාල මුදල් ලෙහෙසියෙන් නිවසට ගෙන්වාගත හැකි මාස්ටර් කාඩ් පතක් නොමිලේ ලබාගන්න ක්‍රමය පිළිබදවයි.අපිට මේකට දායක වෙන්නේ "payoneer" නැමති වෙබ් අඩවියයි.හරි පටන් ගමු.



මෙම payoneer මාස්ටර් කාඩ්පත තමන්ගේ තෝරාගැනීම අනුව වෙනස් වෙනවා.මුලින්ම අපි ම වෙබ් අඩවියට ලියපදින්චි විය යුතුයි.

ලියපදින්චිය සදහා  payoneer වෙබ් අඩවිය වෙත මෙතනින් - යන්න

එම වෙබ් අඩවියට පිවිසුන පසු  පහත පරිදි කවුළුවක් දිස් වේ.



මෙම කවුළුව තුලින් අවශ්‍ය තෝරාගැනීම කල පසු ඉතිරි කවුළු වෙත යාමට හැකිය.මෙම කවුළු තුලින් අපට අවශ්‍ය තෝරාගැනීම
Personal account  වන අතර  වෙනත් තෝරාගැනීම් මුදල් ගෙවීම්  කල යුතු වේ.එපමණක් නොව මෙහි ඇති තෝරාගැනීම් වලට අනන්‍ය වූ එකිනෙකට වෙනස් මාස්ටර් කාඩ්පත් හිමි වෙ.







එම තෝරාගැනීමෙන් පසු මෙවන් කවුළුවක් දිස්වේ.
මෙම payoneer ලියාපදිංචිය සදහා මෙහි ඇති සියලුම කවුළු පිරවිය යතු අතර මෙයට ජාතික හැදුනුම්පතක්
අවශ්‍ය වෙ.මෙම ලියාපදිංචිය සදහා ඔබගේ උපන්දිනය අවශ්‍ය වන අතර ඔබගේ වයස අවුරුදු 18 ට වැඩිවිය යුතුය.ඔබගේ උපන්දිය වෙනස් කිරීම මගින් මෙම ගැටලුව මගහැරීමට හැක.සැමවිටම නිවැරදි තොරතුරු ලබාදිය යුතු වේ.




මෙය ලියාපදිංචි වීමේ දෙවන පොරමයි.මෙහි
Street Address සදහා ඔබගේ නිවසේ ලිපිනය අංකනය කල යුතු අතර අංකනය සදහා
,(කොමාව) හෝ  (හිස්තැන ) යෙදිය හැකිය
උදාහරණ- 1-Dehiwala,colombo,srilanka
                 2-Dehiwala colombo srilanka
එපමනක් නොව ඔබගේ ලිපිනය අංක 30 නොවැඩි විය යුතුය.මෙහි සිව්වන රුල සදහා Postal code/Zip code එකක් යෙදිය යතු අතර පහත ඇති වෙබ් අඩවිය මගින් ඔබගේ නිවසට අසන්න නගරයේ Postal code/Zip code එක තොර ගත හැක.

postal code / Zip code ලබා ගැනීම - යන්න


සියලුම කවුළු පිරවීමෙන් පසු නැවත වරක් ඔබගේ ගිණුමට Log in විය යුතුය.එහිදී ඔබගේ මාස්ට්ර් කාඩ්පත පිළිබද තොරතුරු දිස්වෙන අතර එය නිවසට පැමිණෙන දිනය දිස් වේ.කුමන කාලයක් දිස්වුවත් මෙම කාඩ්පත් නිවසට පැමිණීමට සති 2ක් පමණ ගත වේ.කාඩ් පත ඔබට ලැබුණු පසු නැවත වරක් payoneer වෙබ් අඩවිය වෙත ගොස් ඔබගේ කාඩ්පත Active  කරගත යුතුය .

#ප්‍රථම code එක ලෙස කාඩ්පත ඉදිරිපස ඇති අංක 15 කින් යුක්ත කේතය ලබාදිය යුතුය.
# දෙවන කේතය සදහා කාඩ්පත පිටිපස ඇති අංක 5කින් යුක්ත කේතය ලබාදිය යුතුය .

නිවැරදි ලෙස පිරවීම් කිරීමෙන් පසු  ඔබගේ මාස්ටර් කාඩ්පත සති 2ක් ඇතුලත ඔබගේ නිවසටම ලැබෙනු ඇත.
ඉන්පසු කාඩ්පත Active කිරීමෙන් පසු ඔබගේ පරිහරණය සදහා ගත හැකිය.මාස්ටර් කාඩ්පත් වලට මුදල් ඇතුලත් කරන ස්ථාන අදාරයෙන් ඔබගේ කාඩ්පතට මුදල් ඇතුලත් කරගත හැකිය.


ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 


පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -